― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsMo Salah ගෙන් ගාසා වැසියන්ට පරිත්‍යාගයක්

Mo Salah ගෙන් ගාසා වැසියන්ට පරිත්‍යාගයක්

ඊජිප්ත්තු ජාතික පාපන්දු කණ්ඩායමේ මෙන් ම ලිවර්පූල් පාපන්දු ක්‍රීඩා සමාජයේ තරුවක් වන Mo Salah ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලා සිටිනවා.

මානුෂීය ආධාර කඩිනමින් ගාසා තීරය වෙත ලබාදෙන ලෙසටයි Mo Salah ඉල්ලා ඇත්තේ.

Mo Salah සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම අවසන් කිරීමට මැදිහත් වන ලෙසටයි. ඊශ්‍රායල බලධාරීන්ට අනුව, ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් ඔක්තෝබර් 7 වැනි දින හමාස්ගේ ප්‍රහාරයෙන් පසුව ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 3,478 ක් මිය ගොස් 1,250කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

කෙසේවෙතත් ඊයේ දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ චාරිකාවක ඊශ්‍රායලයේ නිරත වෙමින් සඳහන් කළේ ඊජිප්තුව වසා දමා තිබූ රෆා හරස් මාර්ගය මානුෂීය ආධාර යැවීමට විවෘත කිරීමට එකඟ වූ බවයි.

මෙම සිදුවීම් යළි යළිත් මතක් කරමින් සාලා වැඩිදුරටත් කියා සිටියේ; මෙවැනි වෙලාවක කතා කිරීම අපහසු කරුණක් බවත්, ඕනෑවට වඩා ප්‍රචණ්ඩත්වය සහ හද කම්පා කරවන ආකාරයේ මිලේච්ඡත්වය සිදුවන බවයි.

එබැවින් වහාම සියලු ජීවිත පාරිශුද්ධව ආරක්ෂා කරගැනීමට නම්, සමූල ඝාතන නැවැත්විය යුතු බවයි. මෙවැනි ගැටුම් මත පවුල් සංස්ථා දෙකඩ වී ඇති බව ද මෙම සුපිරි පාපන්දු තරුව ප්‍රකාශ කළා.

ගාසා තීරයේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නන්ගේ තත්ත්වය ඉතා භයානක බවත්, වහාම ඔවුන්ට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම්, ඖෂධ, ආහාරපාන ආදිය ලබාදීමට ද යොමුවන ලෙසත් සාලා ලෝකයෙන් ඉල්ලා සිටිනවා.

වෛද්‍ය සේවා සහ මානුෂීය ආධාර සපයන පුණ්‍යායතනයක් වන ඊජිප්තු Red Crescent, ගාසා තීරයේ සිය සහන ප්‍රයත්නයන්ට උපකාර කිරීම සඳහා Mo Salah පරිත්‍යාගයක් ද සිදු කර තිබෙනවා.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් අදාළ පුණ්‍යායතනය මුහුණුපොතෙහි සටහනක් තබමින් කියා ඇත්තේ,

“Thank you, Mohamed Salah, for his donation to support the people of the Gaza Strip, Thank you from the heart.” යනුවෙන්.

ලෝකයේ වඩාත්ම දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන සලා, 2017 දී ලිවර්පූල් සමග අත්සන් කිරීමෙන් පසු චැම්පියන්ස් ලීග්, ප්‍රිමියර් ලීග් සහ FA කුසලානය දිනා ගැනීමට සිය ක්‍රීඩා දායකත්වය දැක්වූ ක්‍රීඩකයෙක් ලෙසටයි පිළිගැනෙන්නේ.