― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකුඹුරට ගිය පියා වන අලියාට බිලිවෙයි

කුඹුරට ගිය පියා වන අලියාට බිලිවෙයි

බකමූණ කුමාරඇල්ල ප්‍රදේශයේ අයි- කැනල් හන්දිය අසල වෙල් යායේ දී අද උදෑසන වනඅලි පහරදීමකින් එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 316/3 , කුමාරඇල්ල, බකමූණ යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 54 හැවිරිදි එම්.ජී.නිමල් තිලකරත්න නමැති අයෙක්.

තම කුඹුරේ සිටුවා තිබූ මෑකරල් අස්වැන්න නෙලීමට ගොස් සිටි අවස්ථාවේ දී අද උදෑසන 06: 30 ට මෙම මියගිය පුද්ගලයාට වනඅලි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට මේ ප්‍රදේශයට නිරන්තරයෙන් වනඅලි පැමිණෙන බවත් එලෙස පැමිණෙන වනඅලි උදෑසන වන තෙක් ගම්මානයෙන් පිටව නොයන බවත් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මේ වන විටත් වනඅලි පහරදීමෙන් අහිමි වී ඇති බවත් මේ ස්ථානයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් පැවසුවා.