28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලා දෙවියන්ට අපහාස කළ අයෙක් අත්අඩංගුවට

අල්ලා දෙවියන්ට අපහාස කළ අයෙක් අත්අඩංගුවට

මුස්ලිම් භක්තික ප්‍රජාව දේවත්වයෙන් අදහන අල්ලා දෙවියන්ට අපහාස වන අයුරින් වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා සමාජගත කළ පුද්ගලයකු කටුගස්තොටදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ එම සැකකරු ඒ සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

තම ආගමට අපහාස වන අයුරින් පුද්ගලයකු වීඩියෝවක් සකසා මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බව මුස්ලිම් මවුලවිවරුන් කිහිපදෙනෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුවයි අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් පවත්වා ගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.