― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇමරිකානු තානාපතිනිය හා මහබැංකු අධිපති අතර හමුවක්

ඇමරිකානු තානාපතිනිය හා මහබැංකු අධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සුරක්ෂිත කර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේ ප්‍රගතිය සනිටුහන් කරමින් IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට ආණ්ඩුකාරවරයාට තම සුබපැතුම් පිරිනැමූ බව ද ජුලි චන්ග් මහත්මිය කියා සිටියා.

ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාධාරණත්වයේ අවශ්‍යතාවය තමා අවධාරණය කළ බවයි.

සියලුම ණය හිමියන්ට සමාන සහ සාධාරණ ලෙසට සැලකීම අත්‍යවශ්‍ය වන බවද තානාපතිනිය මහ බැංකු අධිපතිවරයා සමග ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ වන සෑම පාර්ශ්වයකින්ම විනිවිදභාවය ඉතා වැදගත් වන බවයි ඇය අවධාරණය කර ඇත්තේ.

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කරමින් සාධාරණත්වය, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ අන්තර්ග්‍රහණය අගය කරන ආර්ථික භූ දර්ශනයක් සඳහා කැපවී සිටින බව ද තානාපතිනිය සිය ට්විටර් සටහන මගින් ප්‍රකාශ කර තිබෙනවා.