― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකිරි ගවයෙක් සොරකම් කළොත් ලක්ෂ 10ක දඩයක්

කිරි ගවයෙක් සොරකම් කළොත් ලක්ෂ 10ක දඩයක්

කිරිගව සොරකම්වලට අදාළ දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ දමා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී ඇත්තේ ඊට අදාළ සත්ත්ව සුබසාධක පනත සංශෝධනය කරන ලෙසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට දිවයින පුරා කිරි ගවයින් සොරකම් කිරීම් ඉහළ යමින් පවතින බවයි.

දැනට ක්‍රියාත්මක සත්ත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඒ වරද සදහා සිර දඩුවම් පැනවීමක් ගැන සඳහන් නොවේ.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.