32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකෝටි 02ක අයිස් සමඟ කුඩු සලිඳුගේ ගෝලයා අත්අඩංගුවට

කෝටි 02ක අයිස් සමඟ කුඩු සලිඳුගේ ගෝලයා අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරධකරුවෙකු වන පානදුර සලිඳුගේ ගෝලයා පොලිස් විශේෂ කාර්‍යය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි අළුබෝමුල්ල පොලිස් වසමේ අංක 377/A/4, දික්තුඩුව පාර, පානදුර ලිපිනයේ දීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙම වැටලීමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි, ග්‍රෑම් 40ක් සන්තකයේ තබාගෙන සිටි පානදුර – දික්තුඩුව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන පානදුර සලිඳු නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු හා ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන නිලංග නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන සමීපතමයකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.