― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsගාසාහි මානුෂීය නීති උල්ලංඝනය කිරීම ගැන ඇන්ටෝනියෝ කනස්සල්ලෙන්

ගාසාහි මානුෂීය නීති උල්ලංඝනය කිරීම ගැන ඇන්ටෝනියෝ කනස්සල්ලෙන්

ගාසා තීරයේ සිදුවන ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය පිළිබඳව තමා දැඩි කණස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී අන්තෝනියෝ ගුටේරස් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසුවත් දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීමද ඔහු විසින් හෙළා දැක තිබෙන බවයි.

තවත් ආධාර ට්‍රක් රථ අටක් ගාසා තීරයට ඇතුළු වූ නමුත් ආධාර ප්‍රමාණවත් තරම් නොලැබෙන බවයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.

හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 200 කට වැඩි පිරිසක් තවදුරටත් ගාසා තීරයේ දිගටම රඳවා සිටින අතර මේ වන විට සිව් දෙනෙකු නිදහස් කර තිබෙනවා

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වැනිදා සිට 5,800කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි.