― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනතාවට සහන දෙන්න 2030 වෙනකන් ඉන්න බෑ

ජනතාවට සහන දෙන්න 2030 වෙනකන් ඉන්න බෑ

දියුණු රටක් ඇති කිරීමට හෝ ජනතාවට සහන සැලසීමට 2030 වසර වන තෙක් බලා සිටිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ 2024 වසර සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමසා බලා පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කැබිනට් සංශෝධනයක් නොවන බවත් එය තනතුරු හුවමාරුවක් පමණක් බවත් එහිදී පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ එයින් රටට හෝ ජනතාවට කිසිදු සෙතක් සිදුනොවන බවයි.

මේක කැබිනට් සංශෝධනයක් නෙමෙයි. කැබිනට් හුවමාරුවක්. තනතුරු හුවමාරුවක් සිදුවුණේ. ඒක ජනාධිපතිවරයාට කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේම තමා ආණ්ඩුවට යුතුකමක් තියෙනවා ඒ පිළිබඳව සහෝදර පක්ෂ එක්ක විමසන්න.

මේ වෙලාවේ අයවැයක් එනවා ඉදිරියේ දී. අයවැයේදීවත් අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට සහනදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි, සජිත් ප්‍රේමදාස මහත්තයාට, සරත් ෆොන්සේකා මහත්තයාටත් ආරාධනා කළා. අනුර කුමාර මහත්තයාටත් ආරාධනා කළා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඒක භාරගත්තේ. අපි එතුමාට ඒ ගෞරවය දෙනවා. හැබැයි එතුමත් තේරුම් ගත යුතුයි පරිනත දේශපාලනඥයෙක් විදියට සන්ධාන දේශපාලනයේ කටයුතු කරද්දි ඒ සන්ධාන එක්ක සාකච්ඡාවෙන්, සමගියෙන් කටයුතු කරන්න. මම එතුමාට උපදෙස් දෙන්න ඕන නෑ. එතුමා අපේ තාත්තා එක්ක දේශපාලනය කරපු කෙනෙක්. පහුගිය යහපාලන ආණ්ඩුවෙත් වුණේ දෙන්නා දෙපැත්තට ඇදගත්ත එක. අවසානයේ වැටුණේ රට. දැන්වත් පරිනත දේශපාලනඥයෝ සන්ධාන දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇතිව පක්ෂ එක්ක සාකච්ඡා කළොත් හොඳයි.

අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගන්න ඕනේ. අවසානයේ අයවැයක් එනවා. බලන් ඉන්නවා එතුමා මොනවා ද ඉදිරිපත් කරන්නේ කියලා. ඒ යෝජනා එක්ක අපි මුණගැහිලා පක්ෂයක් විදියට තීන්දුවක් ගමු.