29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනාධිපතිවරණයට රනිල් විතරක් ඉල්ලුවොත් විදුලි බිල අඩු වෙයි

ජනාධිපතිවරණයට රනිල් විතරක් ඉල්ලුවොත් විදුලි බිල අඩු වෙයි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් ඉදිරිපත් වන්නේනම් විදුලි බිල අඩු කරගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් වීම මඟින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි බවයි.

ජනාධිපතිවරණයට බිලියන 13ක් විතර වැය වෙනවා. එක ඉල්ලුම් පත්‍රයක් පමණක් ඉදිරි වුණොත් ජාතික එකඟතාවකින්, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ඉල්ලුම් පත්‍රය පමණක් ඉදිරිපත් වුණොත් ඒ යන බිලියන 13ම ඉතුරුයි. ඒක විදුලි බිල අඩු කරන්න යොදා ගන්න පුළුවන්