― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජය ගඟේ බැම්ම පුපුරා යයි

ජය ගඟේ බැම්ම පුපුරා යයි

කලාවැව සිට අනුරාධපුරය දක්වා ජලය ගෙන යන නව ජය ගඟෙහි බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටීම නිසා ඉපලෝගම අලුත් අක්කරය ප්‍රදේශයේ දී කලාවැව – නව ජය ගඟෙහි බැම්මට බරපතළ හානි සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඉකුත්දා ඇදහැලුණු වර්ෂාවත් සමග ජය ගඟෙහි බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරි වැටීමෙන් එම බැම්ම කැඩී ගොස් මෙලෙස හානි සිදු වූ බවට ප්‍රදේශවාසීන් පෙන්වාදෙන බවයි.

ගම්මාන රැසක ජනතාව ගමන් කරනු ලබන මාර්ගය වී ඇත්තේ ද එම ජය ගඟ මතින් දිවෙන බැම්මයි. මීට දින තුනකට පමණ පෙර පැවති වැසි සහිත අවස්ථාවක දී එම ස්ථානයේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී බැම්ම මතට වැටී තිබෙනවා.

එම සිදුවීමෙන් ජය ගඟ බැම්මටද විශාල ලෙස හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ. බැම්මේ කොටසක් ගසත් සමග ගැලවී ගොස් ඇති අතර එම ස්ථානය මේ වනවිට තවදුරටත් සෝදා පාළුවටද ලක්වෙමින් තිබෙනවා.

මේ වනවිට වගාවන් සඳහා අවශ්‍ය ජලයද ජය ගඟ ඔස්සේ නිකුත් කර තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. ඒ අනුව මේ දිනවල ජය ගඟේ තත්පරයට ඝන අඩි 1100කට වැඩි ජල මට්ටමක් ද නිරන්තරයෙන් ගලා යන අතර එමගින් අදාළ ස්ථානයේ සෝදා පාළුවට ලක්වීම තව තවත් වැඩි වෙමින් පවතිනවා.

මෙම හානිය සිදු ව ඇති ස්ථානයේ ඇළ බැම්ම ද ස්ථාන කිහිපයකින් පුපුරා ගොස් ඇති අයුරු දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. ඊට යාබද තවත් ස්ථානයකදී මීට වසරකට පමණ පෙරද මෙලෙස ම බැම්ම මතට විශාල ගසක් ඉදිරී වැටී හානි සිදු වුව ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු එය පිළිසකර කිරීමට පැමිණ නැති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.