30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් වර්ජනය සති 02කින් කල් යයි

තැපැල් වර්ජනය සති 02කින් කල් යයි

තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් අද (25) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය සති දෙකකින් කල් දැමීමට තැපැල් ඔවුන් ඊයේ (24) තීරණය කර තිබේ.

රුපියල් විසි දහසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම, පවතින පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගැනීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලීමට තීරණය කර තිබුණේ.

එම ඉල්ලීම් ඉටු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසට ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බවත් ඉදිරි දෙසතියේදී ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් කිසිදු දැනුම්දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත්එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ පැවසීය.