― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsප්‍රංශ ජනපති හා පලස්තීන ජනපති අතර හමුවක්

ප්‍රංශ ජනපති හා පලස්තීන ජනපති අතර හමුවක්

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී ඔවුන්ගේ මෙම හමුව සිදුව ඇති බවයි.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය සම්බන්ධයෙන් පලස්තීන ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

හමාස් සටන්කාමීන්, පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කුරිරු ප්‍රහාරයක් එල්ල කළ බව තමන් පිළිගන්නා නමුත් එය සාධාරණීකරණය කරමින්, ගාසා තීරයේ අහිංසක පලස්තීනුවන්ට පහර දීම යුක්තිසහගත නොවන බව පලස්තීන ජනාධිපතිවරයා, ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවේ පැහැදිලි කළේය.

ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්වීමට සටන් විරාමයක් අවශ්‍ය යැයි ද පලස්තීන ජනාධිපති අබ්බාස් අවධාරණය කළ අතර ප්‍රංශ ජනාධිපති මැක්රොන් එය අනුමත කළේය.

ඊශ්‍රායල – හමාස් අර්බුදයේදී ප්‍රංශයේ පූර්ණ සහාය ඊශ්‍රායල රජයට හිමිවන බව අවධාරණය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ටෙල් අවීව් නුවරට පැමිණ පසුගියදා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවිය.