― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරනිල්ට ජනතාව ගැන සංවේදීභාවයක් නැහැ - සජිත්

රනිල්ට ජනතාව ගැන සංවේදීභාවයක් නැහැ – සජිත්

රටේ නායකයාට කිසිදු සංවේදීභාවයක් නොමැති බවත් රටේ ජනතාව දුකට පීඩනයට පත්වන විට රටේ ජනාධිපතිවරයා තව තවත් වැඩි කිරීම් සිදු කරමින් විකුණමින් රටේ ජනතාව නොමරා මරා දමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ගමනට ශක්තියක් වන සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය ඊයේ (24) උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.

සුහුරු රටක් නිර්මාණය කරනවා යැයි පවසා රටේම නීතිය සහ කැබිනට් තීන්දු උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් සුහුරු රටක් ඇති නොවන බවත් ඒ නිසා පාසල් යන ළමුන්ගේ පෝෂණය අඩු වීම දෙමාපියන්ට දරුවන්ට හොද අධ්‍යාපනයක් හා ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම නිසා ළමුන්ගේ මොළය වර්ධනය දුර්වල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර ඇති බවත් එසේ වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගහන බවත් කොපමණ ජල විදුලිය නිපදුවත් මාස 3න් 3ට විදුලි බිල වෙනස් කරන බවට පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙය සුහුරු රටක ලක්ෂණයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ජනාධිපති කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම බවත් බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් රටේ සිදු වන්නේ වැඩි වීම හා විකිණිම බවත් ඒ තුළින් අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඒ නිසා වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද 75 වසරක ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක නොවූ ලෙස වත්මන් විපක්ෂ විසින් ජනතාවට සේවය කරමින් සිටින බවත් තමා ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනතා සේවකයකු හා මේ රටේ තාවකාලික බාරකරුවක පමණක් බවත් එම නිසා සෑම විටම ජනතාවට සේවය කිරීමට කැපවි සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ බුද්ධිගලනයක් සිදුවන මොහොතක මේ වන විට රටට අවශ්‍ය වන්නේ දුක දැනෙන දුකට විසදුම් දෙන නායකත්වයක් බවත් ඒ සදහා අවශ්‍ය සියලු මග පෙන්වීම් සමගි ජන බලවේගය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

එසේම අධ්‍යාපනය සමගි ජන බලවේගයේ සංවර්ධන න්‍යාය පත්‍රයේ අංක 1 ප්‍රමුඛතාවක් බවත් රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අධ්‍යාපනය දුප්පත්කම තුරන් කිරීමේ හොඳම ක්‍රියාවලියක් බවත් එය ආර්ථික සමාජීය සවිබල ගැන්වීමේ හොඳම ක්‍රියාවලියක් බවත් එය රටක නිෂ්පාදනය නංවා අපනයන ප්‍රවර්ධනය කිරීමෙ හොඳම ක්‍රියාවලිය බවත් එය තාක්ෂණික දියුණුව ඇති කිරීමේ රට සුරක්ෂා කිරීමේ මෙන්ම රට අභ්‍යන්තරයේත් ජාත්‍යන්තරයේත් අධ්‍යාපනය තුළින් වෙළෙඳාම හා ව්‍යාපාරික අවස්ථා පුලුල් කර ලෝක සාමය ඇති කිරීම සදහා යොදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව තරගකාරී ලෝකයේ සෑම තැනකින්ම ජය ගත හැකි එකම මාර්ගය වන්නේ සුහුරු අධ්‍යාපනය බවත් එම සුහුරු අධ්‍යාපනය තුළින් සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය හා සුහුරු පුරවැසිය ඇති වන බවත් ඒ තුළින් සුහුරු රටක් බිහි වන බවත් ඒ සදහා දූපත් මානසිකත්වයෙන් බැහැර විය යුතු බවත් ජාත්‍යන්තරයේ සියලුම රටක් සමඟ එකට ගනුදෙනු කර අදහස් හුවමාරු කර දැනුම ලබා ගත යුතු බවත් ඒ සදහා සුහුරු පන්ති කාමර ක්‍රමය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කාර්ය සදහා තොරතුරු තාක්ෂණය 1 වසරේ සිට අධ්‍යාපනයට එක්කළ යුතු බවත් ඒ සදහා ඉංග්‍රීසි භාෂාව ද උපයෝගී කර ගත යුතු බවත් මෙවැනි වෙනසක් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලෝකයේ ඉහලම ශ්‍රේණිගත රටවල මෙන් විෂය නිර්දේශයක් අපේ රටේ ද නිර්මාණය විය යුතු බවත් එය ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුම මත එය නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පාස්පේපර් ලියලා කටපාඩම් කරලා විභාග ලියන ක්‍රමය වෙනස් විය යුතු බවත් ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ලොව දිනන නව තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් එකතැන පල්වෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.