රනිල් වික්රමසිංහත් පොළොව බදා ගත්තා නම් මීට බොහෝ කලකට පෙර ජනාධිපති වීමට ඉඩ තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි දේවල් නොකළ රනිල් ප්‍රමාද වී හෝ රට බාර ගෙන හරි ක්‍රමයට ප්රජාතන්ත්රවාදී පාලනය ගෙනයන බවයි.
ජනතාවට රනිල් වික්‍රමසිංහ හඳුනාගන්න බැරි වුනේ ඔහු නිවැරදිව හැමදේම කරමින් සිටින නිසා බවත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් ඕනෑම මොහොතක ඕනෑම දිස්ත්‍රික්කයක, ආසනයක හෝ වෙනත් රටක ඉන්න කෙනකුට වුවත් පක්ෂය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට වටපිටාව සකසමින් සිටින බවත් ඔහු එහිදී අවධාරණය කළේය.