29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් ප්‍රහාරවලින් මියගිය අනුලාට ඊශ්‍රායලයේදී අවසන් ගෞරව

හමාස් ප්‍රහාරවලින් මියගිය අනුලාට ඊශ්‍රායලයේදී අවසන් ගෞරව

ඊශ්‍රායලයේදී හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලා ජයතිලකගේ දේහයට ඊශ්‍රායලයේදී ආගමික වතාවත් සිදු කර අවසන් ගෞරව දක්වා තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් ඉතා චාම් හා ගෞරවාන්විතව ලෙස අද දින සිදු කළ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර කියා සිටියේ.

ගාසා තීරයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස රැකියාව කරමින් සිටියදී පසුගිය 7 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ගොදුරු වීමෙනුයි අනුලා ජයතිලක රත්නායක ජීවිතක්ෂයට පත්වූයේ.

ඇයගේ දේහය තානාපති නිමල් බණ්ඩාර විසින් බාරගෙන මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා. දේහය එවීමට පෙර තානාපතිවරයාගේ උපදෙස් මත භික්ෂූන් වහන්සේ නමක් සහ කිතුනු පියතුමන්ලා වැඩමකරවා අද දින (25) මතක වස්ත්‍ර පූජා කිරීම ඇතුළු ආගමික වතාවත් ද ඉටු කරනු ලැබුවා.

ඒ සඳහා ඊශ්‍රායල‍් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, අනුලා සේවය කළ නිවසේ සාමාජිකයන් මෙන්ම එරට සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සහභාගී වූ බවයි තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.