― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්

හෝර්ටන් තැන්නට ඩයගමින් නව පිවිසුමක්

ජෛව විවිධත්වය අනුව උණුසුම් ස්ථානයක් (Hotspot) ලෙස සැළකෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීම සඳහා ඩයගම ප්‍රවේශපත් කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා.

එය ලබන 28 වනදා පෙරවරු 10ට සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතයි. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ජනප්‍රිය ජාතික උ්‍යානයක් වනඅතර මේ වර්ෂයේ ජුනි මාසය වනතෙක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 150000ක් පමණ වනවා.

ඩයගම ප්‍රවේශයෙන් හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වන සංචාරකයින්ට උද්‍යානය තුල සංචාරය කිරීමට ස්වභාවික මංපෙත් භාවිතා කළ හැකි වන්නේ පාගමනින් සහා පාපැදි මගින් පමණයි.

මුලුමනින්ම ස්වභාවික මංපෙතක් වන මෙම මාර්ගයේ වාහන භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන අතර මෙම මාර්ගය පරිසර හිතකාමී ස්වභාවික මංපෙතක් ලෙසනුයි ක්‍රියාත්මක වන්නේ.

ඩයගම මාර්ගය විවෘත වීමත් සමග හෝර්ටන් තැන්නට මාර්ග 3කින් පිවිසීමට හැකියාව ලැබෙනවා. ඔහිය සහ පට්ටිපොල මාර්ගයෙන් පැමිණෙන සංචාරකයින්ට ඩයගම මාර්ගයෙන් ද පැමිණ හොර්ටන් තැන්න ජාතික උද්‍යානය නැරඹීමේ අවස්ථාවඋදාවන අතර එය සංචාරකයින්ට පහසුවක් වනවා.

ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුළුවල පවත්නා අනවශ්‍ය තදබදය ද මගහරවා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යනයේ පිහිටි ලෝකාන්තය, චිමිණි පොකුණ, බේකර්ස් ඇල්ල, කිරිගල්පොත්ත සහ තොටුපල කන්ද සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ලෙස හැදින්විය හැකියි.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයටම ආවේණික වූ සත්ව හා ශාක විශේෂ රාශියක් පවතින අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සියල්ල ආරම්භ වන්නේ ද හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයෙන්.