28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සූදානම්

ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සූදානම්

ඊශ්‍රායලය ගාසා තීරයේ භූමි ආක්‍රමණයකට සූදානම් වන නමුත් එය කවදා සිදුවේදැයි කිව නොහැකි බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ටෙල් අවිව් නුවරදී මෙය ආරම්භය පමණක් යනුවෙන්ද පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඊශ්‍රායල සහ පලස්තීනුවන් අතර පෙර තිබූ තත්ත්වයට ආපසු යාමක් කිසිදු දිනක සිදු වනු නොමැති බවයි.

එමෙන්ම මේ වනවිට ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමග රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා තිබෙනවා. ඊශ්‍රායලය ගාසා තීරයට ඉන්ධන පැමිණීම අවහිර කර ඇති අතර හමාස් සංවිධානය එය ගබඩා කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.