26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුමක් අරඹයි

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුමක් අරඹයි

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරු ගාසා තීරයේ යුද ටැංකි යොදා ගනිමින් ඉලක්කගත වැටලීමක් සිදු කර තිබෙනවා.

මෙහෙයුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ සටනෙහි මීළඟ අදියර සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර ඇති බවයි.

එහිදී ත්‍රස්තවාදී බලකොටු, යටිතල පහසුකම් සහ යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථාන රැසකට පහර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු සොල්දාදුවන් නැවත ඊශ්‍රායල භූමියට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර, අගමැති බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී කතාවකදී තම හමුදා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වෙමින් සිටින බව ප්‍රකාශ කළ නමුත් එහා සිදු කරනු ලබන කාලය පිළිබඳව කිසිදු ඉඟියක් ලබා දුන්නේ නැහැ.

ඊශ්‍රායලය පසුගිය සතියේ ගාසා නගරයේ සහ අනෙකුත් උතුරු ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියන 1.1කට තම ආරක්ෂාව සඳහා දකුණු ප්‍රදේශයට පිටව යන ලෙස ද දැනුම් දෙනු ලැබුවා.

එහෙත් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බී.බී.සී.යට පැවසුවේ ගාසා තීරයේ උතුරේ තම නිවෙස්වලින් පලා ගිය සමහර පලස්තීනුවන් දකුණේ තත්ත්වය නරක අතට හැරෙන විට නැවත පැමිණීමට පටන් ගෙන ඇති බවයි.