― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.

බැංගලෝර්හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්තයට ද මෙම තරගය අතිශය තීරණාත්මක වනවා.

මූලික තරග වටයේ 25 වැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අද ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජෙලෝ මැතිව්ස්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ෂාන් මදුෂංක සහ ලහිරු කුමාර එක්ව සිටිනවා.

කණ්ඩායම් දෙකම මෙතෙක් තරග 4 බැගින් ක්‍රීඩා කර ඇති නමුත්, එම තරගවලින් 3 ක්ම පරාජයට පත්ව එක් තරගය බැගින් ජය ලබා සිටින බැවින් අද තරගය ඇතැම් විට මෙම කණ්ඩායම් දෙකටම තරගාවලියේ ඉදිරිය තීරණාත්මක කරනු ලබන කඩඉම් තරගයක් බවට ද පත්ව තිබෙනවා.

මන්ද යත් අද තරගය ජය ගනු ලබන කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ බලාපොරොත්තු රඳවා ගත හැකි අතරම පරාජිත කණ්ඩායමට අරමුණක් නොමැති වුව ද සෙසු තරගවලට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇති.

මෙම තරගය ජය ගනු ලබන කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑමේ බලාපොරොත්තු ඉතිරි වුව ද අර්ධ අවසන් වටය සදහා පැමිණීමට නම් ජයග්‍රහණය කරන කණ්ඩායමට ඉදිරියේදී විශාල කාර්යයයක් ඉටු කිරීමට සිදු වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.