― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුවේටයේ සිට ලක්මව බබලවන අපේ කායවර්ධන ශූරයා

කුවේටයේ සිට ලක්මව බබලවන අපේ කායවර්ධන ශූරයා

ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master) කායවර්ධන ශූරතා තරගාවලිවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06ක් සහ කුසලානයක් දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත්ව තිබෙනවා.

43 හැවිරිදි ඔහු ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින් තමාගේ පෞද්ගලික මුදලින් මෙම තරඟාවලිවලට ඉදිරිපත් වීම විශේෂත්වයක්.

ඔහු කුවේට් රාජ්‍යයේ රැකියාව කරන අතරතුර ‘වික්ටරි ඉන්ටර්නැෂනල්’ කායවර්ධන ආයතනයේ ජැක් ඩේවිස් මහතා යටතේ පුහුණුවීම්වල නිරත වී සිටිනවා.

මෙම වසරේ එක්සත් රාජධානියේ පැවති ජ්‍යෙෂ්ඨ (Master) ජාත්‍යන්තර තරගාවලි තුනකට සහභාගී වී එහිදී රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට ජගත් ගුණසේකර සමත් වී තිබෙනවා.

ඉන් පළමුවැන්න පසුගිය සැප්තැම්බර් මස 30 වනදා එක්සත් රාජධානියේ බ්‍රේවික් ලෙෂර්හී පැවති ජාත්‍යන්තර රාජකීය කායවර්ධන ශූරතා තරගාවලියේ දී සී කාණ්ඩයේ උස සෙන්ටි මීටර් 175ට වැඩි විවෘත ඉසව්වෙන් රන් පදක්කමක් සහ කුසලානයක් ද දිනා ගනු ලැබුවා. එමෙන්ම වයස අවුරුදු 40 වැඩි ඉසව්වෙන් රිදී පදක්කමක් ද, වයස අවුරුදු 35ට වැඩි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ Novice ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වුණා.

පසුගිය 08 වනදා එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ් ගේට් හි පැවති යුරෝපා කායවර්ධන ශූරතා තරගාවලියේ දී වයස අවුරුදු 35ට වැඩි ජ්‍යෙෂ්ඨ ඉසව්වෙන් ද ඔහු රිදී පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය 14 වනදා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් හී පැවති බ්‍රිතාන්‍ය කායවර්ධන ශූරතා තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ විවෘත ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමටයි මෙම ක්‍රීඩකයා සමත්වී ඇත්තේ.

එමෙන්ම පසුගිය 2022 වසරේ දී එක්සත් රාජධානියේ පැවති ජ්‍යෙෂ්ඨ කායවර්ධන ශූරතා තරගාවලි 04 කට සහභාගී වී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 02ක් දිනා ගැනීමට ජගත් ගුණසේකරට හැකියාව ලැබුණා.

ලබන නොවැම්බර් 15 දින ඉතාලියේ මිලානෝ නුවර පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ කායවර්ධන ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට ජගත් ගුණසේකර මේ වනවිට අවශ්‍ය පුහුණු වීම්වල නිරතව සිටිනවා.