― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි ගාස්තු සම්බන්ධයෙන් දැනුම්දී ඇත්තේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා ගාස්තුව රුපියල් 1000ක් විය යුතු බව අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික හැඳුනුම්පත් පිළිබඳ විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් ලෙසත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අය කෙරෙනු ඇති.

මීට අමතරව ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 10000ක් වූ ගාස්තුව රුපියල් 15,000ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමටයි අදාළ ගැසට් නිවේදනය මගින් පියවර ගෙන ඇත්තේ.