― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාකිස්ථාන ගුවන් සේවය කඩාවැටීමේ අවදානමක්

පාකිස්ථාන ගුවන් සේවය කඩාවැටීමේ අවදානමක්

පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවා සමගම කඩා වැටීමට ආසන්න තත්වයේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව ගුවන් යානා ඉන්ධන සඳහා ගෙවීමට මුදල් ලබා ගැනීමට ගුවන් සමාගමට නොහැකි වීම නිසා පාකිස්තාන ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් හි අර්බුධ කාලයක සිට පැවති බවයි සඳහන් වන්නේ.

ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත්තේ පසුගිය දින 10 තුළ ගුවන් ගමන් 300 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමත් සමඟ ගුවන් සමාගම සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආසන්න බවයි.

පසුගිය 16 වනදා සහ 17 වනදා ගුවන් සමාගම ජාත්‍යන්තර සහ දේශීය සේවා 48ක් අවලංගු කර තිබෙනවා. මෙම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 53.5ක ණය සීමාවක් ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 53.34ක් දැනටමත් භාවිතා කර ඇති බව සඳහන්.

මේ මස මුලදී, පකිස්තානයේ කැබිනට් මණ්ඩලය යටතේ ඇති ආයතනයක් ඉදිරි මාස හතර ඇතුළත පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය (PIA) පුද්ගලීකරනය කිරීමට සැලසුම් කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් බඳවා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුල පමණක් PIA ඇමරිකානු ඩොලර් මිලියන 550ක දැවැන්ත පාඩුවක් ලබා ගෙන ඇති බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පකිස්ථාන ගුවන් සමාගම 2012 සිට ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක පාඩුවක් ලබා ඇතැයි සඳහන්.