26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රියදුරන්ගේ වැරදි කීමට ජංගම දුරකථන යෙදවුමක්

බස් රියදුරන්ගේ වැරදි කීමට ජංගම දුරකථන යෙදවුමක්

බස්රථ රියදුරන් රිය ධාවනයේදී සිදුකරනු ලබන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා පැවසුවේ ඕනෑම පුද්ගලයෙකුට මෙම යෙදවුම හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රියදුරන් සම්බන්ධයෙන් මෙන්ම පෞද්ගලික බස් රියදුරන් සම්බන්ධයෙන්ද ඍජුවම තොරතුරු ඉදිරිපත් කළ හැකි බවයි.

එලෙස ලබාදෙන තොරතුරු මත අදාළ රියැදුරන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අනාරක්ෂිත රිය ධාවනය, මගීන්ට හිරිහැරයක් වන රියදුරුගේ හෝ රිය සහයකවරයාගේ හැසිරීම් මෙන්ම බස් රියදුරන් සිදුකරන පහරදීම් හා බහින්බස්වීම් සම්බන්ධයෙන්ද ඊට පැමිණිලි යොමුකළ හැකිය. තවද අදාළ යෙදවුම හරහා ලබාදෙන තොරතුරු ඡායාරූප ලෙස හෝ වීඩියෝපට ලෙසද යොමු කිරීමේ හැකියාව පවතී.

එම තොරුතුරු අනුව වහාම ක්‍රියාමාර්ග ගන්නා බවත් ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මෙම යෙදවුම හරහා යළි දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.