29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබිළිඳිය ප්‍රාණ ඇපයට තබාගෙන මවට හදි කරලා

බිළිඳිය ප්‍රාණ ඇපයට තබාගෙන මවට හදි කරලා

කුඩා දැරියක් ප්‍රාණ ඇපයට ගෙන ඇගේ මව අතවරයට ලක් කිරීමේ පුවතක් ගම්පහ, පූගොඩ, අඹගහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මෙම සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අතවරයට ලක් වී ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන එක්දරු මවකි.

මෙම කාන්තාව සිය සැමියා නිවසින් පිටත්ව ගිය පසු තම අවුරුද්දයි මාස 4 ක් වයසැති සිය දියණියට කිරිදෙමින් සිට ඇති අතර එම අවස්ථාවේ නිවසට ඇතුළු වූ තරුණයින් තිදෙනෙක් මෙම තරුණ මව දූෂණය කර තිබේ.

මොවුන් තිදෙනා විසින් දරුවා ඔවුන් භාරයට ගෙන මව බිය ගන්වා ඇයව අතවරයට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලීසිය සදහන් කළේ ඊට සම්බන්ධ තවත් තරුණයෙකු සොයා විමර්ශන සිදුකරන බවයි.