29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරට ආඝාත රෝගීන් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

මෙරට ආඝාත රෝගීන් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරවුවක්

ආඝාතය වැළඳුනු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා ආඝාත සංගමය පවසයි.

ශ්‍රී ලංකාව තුළ ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයෙන් පෙලෙන බවයි වාර්තා වන්නේ.

එම සංගමය විසින් සිදුකරන ලද නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මෙරට සෑම අවුරුදු 25 වැඩි 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම මෙම රෝගය වැළදීමේ අවදානමක් පවතින බවයි.

ලබන 29 වන වැනිදාට යෙදී තිබෙන ආඝාත දිනයට සමගාමීව ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය හර්ෂ ගුණසේකරයි මේ බව කියා සිටියේ.

මුහුණේ එක පැත්තක් ඇද වීම, වචන පැටලීම ආදිය ආඝාතයේ රෝග ලක්ෂණ වන අතර මෙම රෝග තත්වය එක් වරක් වැළදුනොත් ඉන් සියයට 25 කට යළි වැළදීමේ අවදානමක් පවතින බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ආඝාතය හේතුවෙන් ලොව මිලියන 6.5කට අධික සංඛ්‍යාවක් මිය යන අතර ඉන් සියයට 51ක්ම පිරිමි පුද්ගලයන් වීම විශේෂත්වයකි.