26.7 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මෙරට ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලංකික ධීවරයින් 08 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා හතරක් ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටියෙන් රැකියාව සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් සහ කන්දකුලිය ප්‍රදේශයෙන් පිටත් වූ යාත්‍රා දෙකක්.

මීට පෙරද අවස්ථා ගණනාවකදී කල්පිටියේ ධීවරයින් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටියේ ධීවරයන් චෝදනා කරන්නේ කල්පිටියේ සහ දූපත් ආශ්‍රිත මුහුදට නිතර පැමිණෙන ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන නිරුපද්‍රිතව ආපසු ගමන් ගන්නා බවයි.