26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

අද (26) මොණරාගල මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ සියඹලාණ්ඩුව – මොණරාගල මාර්ගයේ කිවුලයාය ප්‍රදේශයේදී කාර් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි සියඹලාණ්ඩුව – බුද්දම ප්‍රදේශයේ පදිංචි සූරියවැව පොලිසියට අනුයුක්ව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

ජීවිතක්ෂයට පත් වූ කොස්තාපල්වරයා සිය මෝටර් රථයෙන් විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා තවත් 4 දෙනෙකු සමග යමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.