28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අඛණ්ඩ වැටලීම්

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා අඛණ්ඩ වැටලීම්

2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක්, සම්බා කිලෝවක් රුපියල් 230ක්, නාඩු කිලෝවක් රුපියල් 220ක් සහ රතු කැකුලු කිලෝවක් රු.210ක් ලෙසයි මිල නියම කර ඇත්තේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙළෙඳුන්ට දැනුම් දී ඇත්තේ සහල් අලෙවි කිරිමේදී ඉහළ මිල ගණන්වලට අනුව සහල් අලෙවි කරන ලෙසයි.

වැඩි මිලට සහල් අලෙවි කිරිම සම්බන්ධව නඩු පැවරීමකදී තනි පුද්ගල ව්‍යාපාරයකට අවමය රුපියල් ලක්ෂයේ සිට උපරිමය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද, පුද්ගලික සමාගමක් සඳහා අවමය රුපියල් ලක්ෂ 5යේ සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කර ඇත.

මේ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙන්නේ සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන අතර වැඩි මිලට සහල් අලෙවි කළහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි.