29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුහල්පතිවරුන්ගේ විනෝදෙට මාසිකව 5000ක්

විදුහල්පතිවරුන්ගේ විනෝදෙට මාසිකව 5000ක්

විදුහල් ප්‍රධානීන්ට හෝ පාසල්වලට මාසයකට රුපියල් පන්දහසක විනෝදාස්වාද දීමනාවක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුව විසිනුයි මෙම නිර්දේශය සිදු කර ඇත්තේ.

එමෙන්ම එම කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇත්තේ තීරුබදු සහන මත වාහනයක් ආනයනය කිරීම සඳහා කලින් පැවති සහනය විදුහල්පතිවරුන්ට යළි ලබා දිය යුතු බවයි.

තවද විදුහල්පතිවරුන්ගේ රාජකාරි අවශ්‍යතා මත කෙරෙන ගමන් වියදම් සම්පූර්ණයෙන්මද අධ්‍යාපනික හා පුහුණු වැඩසටහන් සඳහා වැය වන මුදලින් සියයට පනහක් වන සේද නැවත පියවීමට පහසුකම් සැලසිය යුතු බවත් එම කමිටුව නිර්දේශ කර තිබෙනවා.

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී විදුහල්පතිවරුන්ගේ දරුවන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවටත් මීට අමතරව විදුහල්පති සේවයේ බඳවා ගැනීම් හා වැටුප් තල සම්බන්ධයෙන්ද කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.