27.2 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීතා ඇතින්නගේ තත්ත්වය අයහපත් අතට

සීතා ඇතින්නගේ තත්ත්වය අයහපත් අතට

සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොමැති බව වාර්තා වෙයි.

එම ඇතින්නගේ වත්මන් හිමිකරු වන එස්.එම්.රොෂාන් පවසන්නේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බවයි.

තුවාල පැසවලා දැන් තියෙන්නේ. වෛද්‍යවරු කිව්වා එහෙම වෙනඑක කමක් නෑ කියලා. මේ වෙද්දි කෑම පොඩ්ඩක් අඩුකිරීමක් තියෙනවා දවස් දෙකක් විතර. දැන් කෑම කනවා. නමුත් ඇතින්නගේ සෞඛ්‍ය මට්ටම එතරම් හොඳ මට්ටමක නෑ. නිතර නිතර වෙනස්කම් වෙනවා. බටහිර, දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් රජයෙන් තාම වගකිය යුතු දෙයක් කෙරුණේ නෑ. හරිම කනගාටුවට කරුණක්. වගකිව යුතු අය එහෙම කරද්දි අනිත් අය ගැන හිතා ගන්න පුළුවන් නේ. හැමෝම මෙයාට කෑම බීම ගෙනල්ලා සංග්‍රහ කරනවා. ඒ වගේම වගකිව යුතු අයගෙනුත් මෙයාට දෙයක් වුණානම් තමා හොඳ.