28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු යුධ හමුදාපති එල්.පී බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුධ හමුදාපති එල්.පී බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුධ හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික එල්.පී බලගල්ල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විශ්‍රාමික ජෙනරාල් එල්.පී බලගල්ල ශ්‍රී ලංකාවේ 16 වන යුද හමුදාපතිවරයා ලෙසටයි කටයුතු කරනු ලැබුවේ.

කෙටි කලක් රෝගාතුරව සිටි ඔහු නාරාහේන්පිට කොළඹ යුද හමුදා රෝහලේදී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි යුද හමුදාව කියා සිටියේ.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජෙනරාල් එල්.පී බලගල්ල 2000 – 2004 අතර කාලය තුළ 16 වැනි යුද හමුදාපතිවරයා ලෙසට කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිතයි. හිටපු යුද හමුදාපතිවරයාගේ දේහය මේ වන විට කඩුවෙල කොතලාවල සමනල පාරේ අංක 21/12 දරන ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.