28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුරෝපා සංගමය සටන් විරාමයක් ඉල්ලයි

යුරෝපා සංගමය සටන් විරාමයක් ඉල්ලයි

ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා සංගමය ඊශ්‍රායලයෙන් හා හමාස් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංගමයේ රටවල් 27ක නායකයින් බෙල්ජියමේ පැවති සමුළුවකදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ගාසා තීරයේ ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින ඉන්ධන සැපයුම හේතුවෙන් මේ වනවිට සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක අර්බුද හටගෙන ඇති බවයි.

ගාසා තීරයට අඛණ්ඩ ආධාර සැපයීම සඳහාද සටන් විරාමයක් දැඩිව අවශ්‍ය බව ඔවුන් දැඩි ලෙස අවධාරණය කර තිබේ.

ඉන්ධන හිඟය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද ගාසා තීරය තුළ සිය මෙහෙයුම් සැලකිය යුතු ලෙස සීමා කර ඇති අතර ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා 7,000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.