30 C
Colombo
Friday, December 8, 2023

සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම ශ්‍රී ලංකාවට අභියෝගාත්මකයි

වත්මන් ගෝලීය සන්දර්භය තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

වත්මන් ලෝකය පෙර නොවූ විරූ ගෝලීය අභියෝගවලට මුහුණ දී සිටින අතරම, COVID-19 වසංගතය සහ එහි ප්‍රතිවිපාක, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් සහ නැගී එන ගැටුම් මානව ප්‍රජාවට සහ පෘථිවියට බහුවිධ බලපෑම් නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව කථානායකවරයා තවදුරටත් සඳහන් කරනවා. එම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව නොපසුබස්නා උත්සහයෙන් ක්‍රියා කරන බව ද කථානායකවරයා සඳහන් කළා. ඔහු මේ අදහස් පළ කළේ ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුවට සහභාගී වෙමින්.

පෙර නොවූ විරූ ගෝලීය අර්බුද මධ්‍යයේ මෑත කාලයේ ශ්‍රී ලංකාව සිය අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසුගිය වසරේදී අත්විඳින ලද බව සඳහන් කළ කථානායකවරයා පුලුල්ව පැතිරුනු සමාජ නොසන්සුන්තා සහ විරෝධතා හේතුවෙන් ඇති වූ අභියෝග ජයගැනීමේ ක්‍රියාවලියේදී, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ස්ථාවරව පවත්වා ගනිමින් රජය සහ ජනතාව සාමකාමී දේශපාලන පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවයි ප්‍රකාශ කළේ.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුව ඔක්තොබර් 23 සිට 27 දක්වා ඇන්ගෝලාවේදී පැවැත් වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ විශ්වයේ දිළිඳු බව තුරන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 එක්ව 2015 වසරේදී ගොඩනගන ලද තිරසාර සංවර්ධන අරමුණු 17 අතර 16 වැන්න වන ‘සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග’ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මෙවර සමුළුවේ තේමාවයි.

Latest

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත්...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන...

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ...

පෞද්ගලික බස් රථවල වෝකිටෝකි සවි කිරීමට සැලසුම්

පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා...

Don't miss

මුලින්ම වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ...

IMF දෙවැනි වාරිකය සතියකින් ලැබෙයි – බන්දුල

සතියක් ඇතුළත IMF දෙවැනි වාරිකය මෙරටට ලැබෙන බවට තමා...

අපේ කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්න බැහැ

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන...

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු...

රට බංකොළොත් කළ රාජපක්ෂ පවුලට අපි දඬුවම් දෙනවා

සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ...

යුද හමුදාවේ ආහාර ප්‍රශ්නයට විසඳුමක්

යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ...

හෙට කොළඹට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. අඹතලේ සැපයුමේ සිදුකරන අලුත්වැඩියා තත්ත්වයක් හේතුවෙනුයි මෙලෙස...

විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පසුගිය මස 20 වනදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ විදුලිබල පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here