28 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දීය ජාතිකයින් 08 දෙනෙක්ට මරණ දණ්ඩනය

ඉන්දීය ජාතිකයින් 08 දෙනෙක්ට මරණ දණ්ඩනය

ඉන්දියානු ජාතිකයින් 08 දෙනෙකුට කටාර් රාජ්‍යයේ අධිකරණයක් විසින් මරණ දණ්ඩනය ලබාදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් 08 දෙනාම හිටපු නාවික නිලධාරීන් බවයි.

කටාරයේ පුද්ගලික සමාගමක සේවය කරමින් සිටි එම පුද්ගලයින් ඔත්තු බැලූ බවට සැකපිට පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් ඔවුන්ට එරෙහිව එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් හෙළිකර නොමැත.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය රජය පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් වික්ෂිප්ත වූ බවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැන කටාර් බලධාරීන් සමග සාකච්ඡා කරන බවත්ය.