28 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹට නව නිවාස ව්‍යාපෘති 05ක්

කොළඹට නව නිවාස ව්‍යාපෘති 05ක්

කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වන බවයි.

චීන රජය වෙතින් මීට අදාළ එකඟතාවයන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටියේ මේ වන විට අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති 2024 වසරට අදාළ නව අයවැය හිමි වීමත් සමඟ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.