පසුගිය දින කිහිපයේ යාපනය නගරයේ වෙළඳසැල් සහ නිවාසවලින් ගෑස් සිලින්ඩර් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය අපරාධ කොට්ඨාසය විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් ළඟ තිබී ගෑස් සිලින්ඩර 10කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මූලික විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන අතර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෑස් සිලින්ඩර සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.