27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝඨාට වගේම කෙහෙළියටත් අපි උපදෙස් දුන්නා - මුරුත්තෙට්ටුවේ හිමි

ගෝඨාට වගේම කෙහෙළියටත් අපි උපදෙස් දුන්නා – මුරුත්තෙට්ටුවේ හිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උපදෙස් දුන් පරිදිම හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලටද උපදෙස් දුන් බවත් දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අද ඔහුට තනතුරු අහිමි වී ඇති බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී උන්වහන්ස්වේ වැඩිදුරටත් අවධාරණය කළේ තමා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමට ඔහු පියවර ගත්තේ කුමන අදහසකින්ද යන්න අවබෝධයක් නොමැති බවයි.

ඔහු යම් අයුරකින් ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කළේ නම් මෙලෙස ඉවත් වීමට සිදු නොවන බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

රජය මඟින් වයස අවුරුදු 60න් පසු හෙද සේවය අවශ්‍ය නොවන බවට නිකුත් කළ චක්‍රලේඛයට විරුද්ධව අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවද ඒ හිමියෝ සඳහන් කළහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය සේවාවක් වන හෙද සේවාව අනිකුත් සේවාවන් පරිදි එකවර බඳවා ගැනීම් සිදු කළ නොහැකි බවත් ඒ සඳහා යම් කිසි කාලයක් වැයවෙන බවත් උන්වහන්සේ පැවැසූහ.