― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsජනතාවට චීන පර්යේෂණ නෞකාව නැරඹීමට අවස්ථාවක්

ජනතාවට චීන පර්යේෂණ නෞකාව නැරඹීමට අවස්ථාවක්

මෙරටට ඊයේ දිනයේදී සේන්දු වූ චීනයේ SHI YAN 6 නෞකාව ඉදිරි දින දෙකක කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු වීම සම්බන්ධයෙන් අසල්වාසී ඉන්දියාව තවමත් නොසතුටින් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ පස්වරුවේදී මෙරට කොළඹ වරායට නැව්ගත කටයුත්තක් හේතුවෙන් පැමිණීමට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ අවසර හිමි වුණා. මෙම චීන නෞකාව පර්‍යේෂණ නෞකාවක් ලෙසටයි එරටින් අර්ථකථනය කරන්නේ.

අසල්වාසී ඉන්දීය රජය මෙම පැමිණීමට නොසතුටින් සිටින්නේ, මීට පෙර ද චීනයෙන් මෙරටට ආ යුවාන් වෑන්ග් 5 දරන නෞකාව හම්බන්තොට වරායට පැමිණ සිය පර්‍යේෂණ කටයුතු සිදු කිරීම හේතුවෙන්.

එය ඉන්දීය රාජ්‍ය ආරක්ෂාවට විශාල කැළලක් බවත්, අවදානමක් බවත් ඔවුන් මතු කර තිබුණා. ඒ අදාළ නෞකාව විසින් දකුණු ඉන්දීය කලාපයේ මර්මස්ථානයන්හි දී සූක්ෂ්ම අයුරින් රහස් බුද්ධි තොරතුරු ලබා ගැනීමේ අවදානමක් මතු ව ඇතැයි බවට සඳහන් කරමින්.

මෙම SHI YAN 6 නෞකාවේ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ; චීන ජාතික මහාචාර්ය වෙයියෑන්ග් වැන්ග්. ඔහු පවසන්නේ සිය පර්‍යේෂණ කණ්ඩායම පැමිණ ඇත්තේ මෙරට වෙරළ ආසන්න සාගර කලාපය තුළ පුළුල් පර්‍යේෂණයක් සිදු කිරීමේ අරමුණින් බවයි.

මීට අමතරව මෙරට අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සමග එකතු වී කටයුතු කිරීමට ද චීන පර්‍යේෂක කණ්ඩායම බලාපොරොත්තු වනවා. මෙලෙස ආ නෞකාව හෙට (27) සහ අනිද්දා (28) යන දෙදින දී මෙරට මහජනතාවට නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා.