― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් කඩිනමින් බඳවා ගැනේ

පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් කඩිනමින් බඳවා ගැනේ

සම්මුඛ පරීක්ෂණයකට පමණක් සීමා වූ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම වහාම කඩිනම් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙසටයි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරිනියන් සමග අද (27) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

2021 වසරේ ජනවාරි මාසයේ පළ කරන ලද ගැසට් නිවේදනයකට අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ පවුල් සෞඛ්‍ය සේවය වෙනුවෙන් නව පත්වීම් 2500ක් ලබා දීම සඳහායි. එහෙත් ඉන් 1000ක පිරිසක් පමණක් මේ වන විට පුහුණු වීම් ලබන අතර සෙසු පිරිස තව දුරටත් රැකියා අපේක්ෂාවෙන් සිටින බවයි එහි දී අනාවරණ වූයේ. ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ පත්වීම් ලබා දීම අත්හිටු වීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සමත් වූ පිරිස දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු පැවසුවේ.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ සියලු වියදම් කළමනාකරණය කිරීමට රජයට සිදු ව ඇති බවයි. එහෙත් සෞඛ්‍ය වැනි අතිශ්‍ය වැදගත් ක්ෂේත්‍රයක බඳවා ගැනීම කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකු බැංකු ආධාර වැඩසටහන ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව සහ එසේ නොමැති නම් ඒ සඳහා මුදල් ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් හෝ සකස් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රජයට ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවා පුරප්පාඩු පවතින අතර ඊටත් වඩා ප්‍රමුඛත්වයකින් සෞඛ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.