27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථානයට එරෙහිව දකුණු අප්‍රිකාව අද පිටියට

පාකිස්ථානයට එරෙහිව දකුණු අප්‍රිකාව අද පිටියට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 26 වැනි තරගය අද පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි. අද තරගය චෙන්නායි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 02ටයි.

අද තරගයට දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින නායක ලෙස කටයුතු කළ ආරම්භක පිතිකරු ටෙම්බා බවුමා ද එක් කර තිබෙනවා. මීට අමතර ව පාකිස්ථානය වෙනුවෙන් ෆකර් සමන් ද එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ක්‍රීඩා කළ තරග 05න් 04ක ම තරග ජයග්‍රහණ ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

පාකිස්ථාන කණ්ඩායම පැවති තරග 05න් දෙකක් පමණක් ජයගෙන පසුවන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ 06 වැනි ස්ථානයේයි.

එබැවින් අද තරගය ජයග්‍රහණය අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමේ තරග මාවතේ දෙපිළටම වැදගත් වනවා.