පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිලි අලෙවිසැලක අද (27) හටගත් ගින්නෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවන රථ 8 ක් පමණ යොදා ගැනීමට සිදුවූ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසන්නේ.