27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබම්බලපිටියේ තාවකාලික ගුවන් පාලම අද මහජන අයිතියට

බම්බලපිටියේ තාවකාලික ගුවන් පාලම අද මහජන අයිතියට

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකරන ලද තාවකාලික පදික ගුවන් පාලම අද (27) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

එම දුම්රිය ස්ථානයේ ගුවන් පාලමට සිදුවූ අලාභහානි සම්බන්ධයෙන් පසුගිය ඩින කිහිපය පුරාම බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ඇතුළු පාර්ශ්ව රැසක් එම ගුවන් පාලම සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදු කර තිබුණා.

මේ අතරතුරයි නව පදික ගුවන් පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන්ට නියෝග කර තිබුණේ.

ඒ සඳහා නව ගුවන් පාලම ඉදිකරන තුරු තාවකාලික පාලමක් ඉදිකර එය අද ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.