― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsමාත් එක්ක සෙල්ලම් කරන්න එපා - දැන් හිටපු කාලේ හොඳටම ඇති

මාත් එක්ක සෙල්ලම් කරන්න එපා – දැන් හිටපු කාලේ හොඳටම ඇති

අපේ රටේ ආර්ථික අර්බුදය සමඟ සෙල්ලම් නොකරන ලෙසත් එලෙස සෙල්ල්ලම් කිරීමට ආවොත් හොඳින් හෝ නරකින් එය බේරාගන්නා බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ද (27) පැවති උත්සයකට එක්වෙමිනි.

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ ඇති කළ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් පොහොර නිෂ්පාදනය කිරීම සදහා තමන් විශාල මුදලක් ආයෝජනය කර යන්ත්‍ර සූත්‍ර රැගෙන ආ නමුත් මේ වනවිට එම යන්ත්‍ර තමාට වැඩකට නැති වී ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩඩ්ලි සිරිසේන මෙසේද කීය.

මේ රටේ කෘෂිකර්මාන්තයට මට හැකි සෑම සහයෝගයක්ම මං දීලා තියෙනවා. මින් ඉදිරියටත් දෙනවා. කාලා බීලා සතුටින් හිටපු දෙයක් ඇරෙන්න මේ කර්මාන්තශාලා මං මැරෙද්දි අරගෙන යන්නෑ. ගෝඨාභය රාජපක්ෂගේ කාලේ රටේ පොහොර නැත්තටම නැති කළා. දැන් මේ ජනාධිපතිට අර ගෝඨාගේ ප්‍රතිපත්ති අදාළ නෑ. දැන් ඒවා ඉවරයි. දැන් රටින් පොහොර ගෙන්වනවා. මේ ජනාධිපති දැන් ආයේ වෙන ක්‍රමයක් හදනවා. අපේ රටේ ආර්ථික අර්බුදය එක්ක සෙල්ලම් කරන්න එපා. අපි සෙල්ලම් කරන්න දෙන්නෙත් නෑ. අපිට දැන් හිටපු කාලෙත් හොඳටම ඇති. අපි හොඳින් හරි නරකින් මේක බේරගන්නවා.