― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමුන්දලම කලපුවේ මසුන් හදිසියේම මියයයි

මුන්දලම කලපුවේ මසුන් හදිසියේම මියයයි

මුන්දලම කලපුවේ මේ වනවිට දැඩි පාරිසරික අර්බුදයක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශවාසී ධීවර ප්‍රජාව පෙන්වා දෙන්නේ දින කිහිපයක සිට කලපුවේ ජීවත් වන මත්ස්‍යයින් විශාල වශයෙන් තැනින් තැන මියගොස් ඇති බවටයි.

මෙලෙස මියගිය මත්ස්‍යයින්ගේ මළසිරුරු කොටස් මුන්දලම කලපුවෙහි පාවෙමින් තිබෙන බවත්, ඒ අවට කලාපය ම දැඩි පිළිකුල් ගඳකින් පිරී ඇති බවත් වාර්තා වනවා.

මෙම මියගිය මත්ස්‍යයින්ගේ සිරුරු කලපු තීරයේ කිලෝමීටර් 2ක් පමණ දුරකට විහිදී පවතින බව ද වාර්තා වී තිබෙනවා. ධීවරයින් පෙන්වාදෙන්නේ වගකිව යුතු පාරිසරික අධිකාරියකින් හෝ එම පාර්ශ්වයේ කිසිවෙකු පැමිණ දිගු කාලයකින් මුන්දලම කලපුව පිරිසිදු කිරීමක් හෝ සිදු කර නොමැති බවයි.

මේ හේතුවෙන් කලපුව මේ වනවිට ‘ඩෙත් ලැගූන්’ නැත්නම් මළ කලපුවක් බවට පත් ව ඇති බවත්, එහි ලවණ සාන්ද්‍රණය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී සහ පශු සම්පත් කාර්‍ය්‍යාලය මෙන්ම, ධීවර සම්පත් අධිකාරිය ද විශේෂ විමර්ශනයක් මත්ස්‍යයින්ගේ හදිසි මරණයට හේතු සොයා සිදු කරනවා.