28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි බිල අඩු කිරීමට පියවර ගන්නවා - ඉන්දික

විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නවා – ඉන්දික

ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව ඔහු එහිදී සඳහන් කළේය.

එමෙන්ම විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස් කරගැනීම සඳහා එහි සැපයුම්කරුවන් සමග යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.