― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය 2023 ඔක්තෝම්බර් 28 වැනි පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

අර්ධ චන්ද්‍රග්‍රහණයනයකදී පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන නමුත් ඒවා සරල රේඛාවක් සාදන්නේ නැති අතර චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් කුඩා කොටසක් මතට පෘථිවියේ සෙවනැල්ලේ අඳුරුතම කොටස පතිත වෙයි.

ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් හෙට (28) රාත්‍රී 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උප චායාවට ඇතුළු වීමත් සමඟ චන්ද්‍රග්‍රහණය ආරම්භ වේ.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලටද දිස් වනු ඇති.