30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනල්ලතන්නියේ අතුරුදන් වූ සිසුන් තිදෙනා හමුවෙයි

නල්ලතන්නියේ අතුරුදන් වූ සිසුන් තිදෙනා හමුවෙයි

පෙරේදා (26) දිනයේ සිට අතුරුදන්ව වූ නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වතුයායේ පදිංචිව සිටි පාසල් සිසුන් තිදෙනා මඩකලපුව, චෙන්කල්අඩි ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා එම ප්‍රදේශයේ රැකියාවක් සොයමින් සිටියදී පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) රාත්‍රියේදී මෙම සිසුන් දෙදෙනා මෙලෙස පොලිසියට වෙත භාරදීමටයි කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

වතුයායේ පිහිටි දමිළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මොවුන් තිදෙනා පෙරේදා (26) පෙරවරුවේ පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් තිබුණා.

කෙසේ වෙතත් 15 හැවිරිදි වියේ පසුවන ඔවුන් පාසලට නොගොස් නල්ලතන්නිය නගරයට පැමිණ ආපනශාලාවකින් ආහාර ද ගෙන පිටව ගොස් තිබූ බවටයි තොරතුරු අනාවරණය වුණේ.

ඒ අනුව මොවුන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් මස්කෙළිය පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු මෙම සිසුන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.