27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමාස් ප්‍රහාරවලින් මියගිය අනුලාගේ දේහය දිවයිනට

හමාස් ප්‍රහාරවලින් මියගිය අනුලාගේ දේහය දිවයිනට

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික සේවිකා අනුලා ජයතිලකගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (28) පෙරවරු 11.00 පමණ අයගේ දේහය රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙනු ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

මේ අතර පසුගිය දා අනුලා ජයතිලකගේ දේහයට ඊශ්‍රායලයේ දී ආගමික වතාවත් සිදුකර අවසන් ගෞරව දැක්වීමට ද කටයුතු කර තිබුනා. ගාසා තිරයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස රැකියාව කරමින් සිටිය දී පසුගිය 07 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ලක්ව අනුලා ජයතිලක රත්නායක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට වුණා.