32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකියන දේ නොකළොත් මින් ඉදිරියට වගා හානි වන්දි නැහැ

කියන දේ නොකළොත් මින් ඉදිරියට වගා හානි වන්දි නැහැ

නියඟය සහ ගංවතුර හේතුවෙන් වගා හානි සිදු වූ ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂය බැඟින් වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වන්දි මුදල් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත්, ඊට කඩිනමින් මූල්‍ය ප්‍රතිපාදන හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළා.

සාක් කලාපීය කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳව ගන්නෝරුව ප්‍රදේශයේ දී අද (28) පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

වගා හානි සඳහා වන්දි ගෙවීම වසරක පමණ කාලක් ප්‍රමාද වී සිදුවන නමුත් මෙවර විශේෂත්වයක්සේ සලකා කඩිනමින් වන්දි ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මින් ඉදිරියට වගා හානි සඳහා වන්දි ලබාදෙන්නේ නියමිත දිනට වගාව ආරම්භ කළ ගොවියන්ට පමණක් බව ද ඔහු මෙහි දී සඳහන් කර සිටියා.

වර්ෂාව ඇද හැලෙන බැවින් වගාව මේ වන විට ආරම්භ කළ යුතු බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී සිදුවිය හැකි ජල හිඟයට මුහුණදීමට නම් නියමිත වගා කාලසටහන් අනුගමනය කළ යුතු බවද පෙන්වා දුන්නා.