27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනොවැම්බර් 01 වැනිදා සෞඛ්‍ය වැඩ වර්ජනයක්

නොවැම්බර් 01 වැනිදා සෞඛ්‍ය වැඩ වර්ජනයක්

ලබන නොවැම්බර් 01 වැනිදා සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති එක්ව උදෑසන 6.30 සිට පස්වරු 12.00 දක්වා සියලු රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

කොළඹදී අද (28) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම එකමුතුව මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් මානුෂීය හේතූන් මත මාතෘ සහ ළමා රෝහලවල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු නොකරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ එදින දහවල් 12.00න් පසු රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ද සිදුකිරීමට නියමිත බවයි.

එළඹෙන අයවැයෙන් සෞඛ්‍ය සේවයට වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවීම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.